සිහිල් සුළං රැල්ලේsihil sulan raellee

Sihil Sulan Ralle

ගී පද

(සිහිල් සුළං රැල්ලේ 
ඔබේ සුවඳ මුසුවේ...//)
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ 
හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ.....

(සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා...//)
ඔබේ ආදරේ වරුසා වැහැලා
(කතර දෙව් ලොවක් වේ....//)

(සිහිල් සුළං රැල්ලේ 
ඔබේ සුවඳ මුසුවේ...//)

(සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා....//)
ඈත හිමේ කඳු අතරේ පාවෙන
(අමා සුවය පැතුවේ...//)

සිහිල් සුළං රැල්ලේ...