සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේsihil maaruthee pem siloo gii aesee

Sihil Maruthe Pem

ගී පද

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ
ගැලූ මා ඔයේ පෙණ හිනා මල් පිපේ
ඔබේ ආදරෙන් සිත ප් ‍රමෝදෙන් පිරේ
මිණි මිණි පොද ඉහිලා
මී අඹ මල් සැලුනා
ඔබ එන වග දැනිලා 
හිත ඉවසුම් නැතුවා

යොවුන් ආදර  වසන්තේ 
කොහෙන්දෝ ඔබ ගෙනාවේ
මදාරා සුගන්ධේ දසන්තේ සරන්නේ
හද කලඹා යන ඇසිල්ලේ ඔබ කුමක්දෝ මේ කියන්නේ
සිත හොරකම් කරන්
නෙතු කැන් සැලුනේ

ලතෙත් ආදර සමීරේ කොහෙන්දෝ ඔබ ගෙනාවේ 
උදාවූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ
සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නෙ
නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ..