සිහිල් මාරුතේsihil maaruthee

Sihil Maruthe

ගී පද

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ
ගැලූ මා ඔයේ පෙණ සිනා මල් පිපේ
අපේ ආදරෙන් සිත ප්‍රබෝදෙන් පිරේ
මිණි මිණි පොද ඉහලා
මී අඹ මල් සැලුණා
ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා

යොවුන් ආදර වසන්තේ
කොහොන්දෝ ඔබ ගෙනාවේ
මදාරා සුගන්ධේ දසන්තේ හමන්නේ
හද කළඹා යන ඇසිල්ලෙන් 
ඔබ කුමක්දෝ මේ කියන්නේ
සිත සොරකන් කරන් නෙතු කැන් සැලුවේ

සිහිල් මාරුතේ පෙම් .......

ලතොන් ආදර සමීරේ කොහෙන් දෝ ඔබ ගෙනාවේ
උදා වූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ
සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ
නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ

සිහිල් මාරුතේ පෙම් ..........