සීගිරියේ බිතු සිතුවම් අතරේsiigiriyee bithu sithuwam atharee

Sigiriye Bithu Sithuwam Athare

ගී පද

සීගිරියේ බිතු සිතුවම් අතරේ
තෙලි තුඩගින් ජීවය ලද මිහිරේ
සදාකාලික අපේ ආදරේ
ලොවෙන් නොසඟවා පවසනු සොඳුරේ

රජ මැතිදුන් නෙත පිනවූ ඔබ රුව
රඟදි ගැයුමෙන් සවන දිනූ කව
මගේ පෙමට ඉඩ නොලද කිමවු පව	
තනි වී සැනහී සුසුම් හෙලන් තව

සීගිරියේ බිතු සිතුවම් ....

පිදුරංගල ලෙන් අතර සැඟව හිඳ
හසුන් විජිනිපත් නුඹට එවු සඳ
නුඹෙ නෙතගින් බිම වැටුණු කඳුළු කැට
අදත් ගලා එයි ගුවනින් ඉඳ හිට

සීගිරියේ බිතු සිතුවම් ....