සීගිරි ගීයක්siigiri giiyak

Sigiri Geeyak

ගී පද

සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද 
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද 
රන්මසු උයනක් ඔබේ හදවතේ, තනන්න දෙනවාද 
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද ...//

සුලන් රැලක් සේ පාවී ආවත් 
සුලන් රැලක් සේ ආපසු යන්නට  බෑ 
සුසුම් පොදක් වී රහසේ රැඳුනත් 
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ 
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ 

සීගිරි ගීයක් .../

ජීවිතය නව සුවඳ සදා දෙන සෙවනක් 
ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ 
මේ දිගු ගමනේ විල නිවා සිත නිවන 
ඔබවන් සිසිලක් හිමකඳු අරණක නෑ  
ඔබවන් සිසිලක් හිමකඳු අරණක නෑ 

සීගිරි ගීයක් .../