ගී පද
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල්පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ....//
කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ
සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ......
සිදාදියේ නුඹ.....
ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිණි මලක් වගේ මුණ අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඬන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ.....
සිදාදියේ නුඹ.....