සී සීකඩ විසිරුණු සිතිවිලිsii siikada wisirunu sithiwili

Si Sikada Wisirunu - See Seekada

ගී පද

සී සීකඩ විසිරුණු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ
නැතිවෑ
හුදකලාවේ තනීවී සිටියම
සිහින ආකරේක වැටුණා වාගේ නිමක් නෑ

මොහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇඳී යන්නේ ඈතින් ඈතට පාවී සුළඟ සේ

මොහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද