ශෝභාව හංගාshoobhaawa hangaa

Shobhawa Hangaa

ගී පද

මිනිසා කුසීත කම්මැලි - වැටී පරාද වී යනවා
ගින්නෙ දැවෙනා දර වාගේ - අළු විලා නැති වෙනවා...

ශෝභාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කළේ..//
අනුකම්පා නැතී දෛවේ හිනාවේ...

පෙරදා පෑවු ඉරු නැග බැසලා - එළි වෙනවාදෝ රෑ වෙනවාදෝ
වෙනදා විලසින් දඟ සමනලයින් - මල් පැණි බීලා ඉගිලෙනවාදෝ
එදා මෙන් වළකුල් අහසේ - තාමත් නැගේදෝ

අතවැල අරගෙන සිත් බැඳියන් - ලොවනෙත් කලු තැන් වල හැසිරෙනවා දෝ
ඇස්‌ ඇති මිනිසුන් ලස්‌සන දේවල් දැක දැක හිනැහී සැනසෙනවාදෝ
මෙදා අන්ධ නෙත් දෙක මාගේ - කවදා පෙනේදෝ...

තුඩගෙහි තුඬඟා සුමියුරු රස බී - අරුමැසි සිතුවිලි පවසනවාදෝ
මා හද තෙරපෙන - ආදර හැඟුමන් සුපෙම්වතුන් තුළ පවතීදෝ
මගේ අරුම ආදර සිහිනෙන් තමා දිවි රැකෙන්නේ...