සෙව්වන්දියේsewwandhiyee

Sewwandiye

ඇල්බමය
Dreamz of Shihan

ගී පද

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ 
සුවඳයි ඔබේ ආදරේ//
හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ//

සුදු රෝස දවටා අද මනාලියක් වී 
ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි 
හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ 
සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනෙහෙ කිසිදා මා අත් හරිනා බව 
සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ//

ඒ සොඳුරු සමනල් වියේ...