සෙවනැල්ලක් වී ළඟ රැඳෙනාsewanaellak wii langa raendenaa

Sewanallak Wee Langa Randena

ගී පද

සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා
පවනැල්ලක් වී ගත වෙලෙනා
හසරැල්ලක් වී මුව පිපෙනා
සඳ රැල්ලකි ඔබ ජීවිතයම කළ එළි කරනා

අරුණැල්ලක් වාගේ අඳුර එළිය කරනා
නැලවිල්ලක් වාගේ පැරුනු සිත නිවනා
සැනසිල්ලයි ඔබ සියළු දුකින් මා සිත මුදනා

සෙවනැල්ලක් වී ....

දූවිල්ලක් වාගේ මගෙ තුන් සිත නිඳනා
මුතු බෙල්ලක් වාගේ නිරතුරු  මා රකිනා
සිතිවිල්ලයි ඔබ ජීවිතය ජීවත් කරනා 

සෙවනැල්ලක් වී ....