සැතපෙන කළ විඳ නිදි සුවේsaethapena kala winda nidhi suwee

Sethapena Kala Wida

ගී පද

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ //
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ

ඇසිපිය හෙල හෙල අත වනා //
මදහස මතුකොට හිනැහුණා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ

උකුලත සුව පිට හිත තියා //
නැලවුණි මධු රස ගී කියා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ රන් ගිරවෙකි

සිඹ සිඹ මගෙ වත සැනසුනා
සුර ලොව සුර සුව වැටහුණා
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ පිපි කුසුමෙකි

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ



සංගිතය - එම්.කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර