සෙත් වැසි වස්සනseth waesi wassana

Seth Wahi

ගී පද

සෙත් වැසි වස්සන සත් සුව සාදන 
දුක් බිය සින්ඳමිනා
නෙක් උවදුරු හැර කල්බිම සුරකින 
මොක් සුව සාදමිනා
මහබෝ හිමි නිතිනා
නමදිමු බැති සිතිනා.........

ලෝනාහිමි සවනක් රැස් දහරින්
විදුරසුනේ වැඩ හිඳ දුන් පහසින්
ඉඳුලෙස පිදු අනිමිස නෙතු කැල්මෙන්
ලද ආසිරි   අනුහස් අසිරි
දස බල හිමි සෙත් ගුණ සපිරි...

ලෙළ දෙන මහ බෝපත් අතරේ
නද දෙන ලොවුතුරු අම මිහිරේ
අපරාජිත හිමි ගුණ දිවිමත් වේ
සුපසන් දිවි අරුණලු වියමන් වේ
බුදු සරණින් ලොව සුවපත් වේ...

සෙත් වැසි වස්සන......