ගී පද
සේපාලිකා තාමත් මේ මාවතේ
පිපුණාම සුවඳයි සිතේ
ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා
පියමැන්නා මතකයිද පාසල් වියේ
කවි පාඩමේ අකුරු බැරිවීලා
තැලුවාම හැඬුවේ ඔයා
දම්මි සුගත් වාගේ අපේ ආදරේ
නොදැනීම දෙසිතේ බොඳවී ගියා
පාසල් වියේ දෙන්නා එක පන්තියේ
කිරිකෝඩු පෙම්වන්තයෝ
බැඳි ප්‍රේමේ පාසලේදී අපි දෙන්නගේ
ලියවීලා ඇත තාම සැමරුම් පොතේ
සේපාලිකා තාමත් ....