ගී පද
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහන කොට අම්මේ
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ
සෙන්පතිකමටයි නැව්පතිකමටයි නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබ හට ඒ ගැන එතරම් ආසා
මහා පඬිදුන් ගැන මහා කිවිඳුන් ගැන කතා අහන කොට අම්මේ
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ
මහා පඬිරුවණට මහා කිවිවරුණට තෝතැනි වූ ලක් දූවේ
හෙළ පුතෙකුව ඔබ ඉපදුන පිනටයි ඒ ගැන එතරම් අසා
හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන කතා අහන කොට අම්මේ
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ
ඈත එපිට සිට ගොවි රජ දහනකි සෝභන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙන් ඒ ගැන එතරම් ආසා
එඩිතරකම් ගැන බිය නැතිකම් ගැන කතා අහන කොට අම්මේ
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ
එඩිතරකමටයි බිය නැතිකමටයි පෙර සිට සුපතල හෙළයේ
ඉපදුනු ඔබ තුල ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ