සෙංකඩගලපුර දළදා බුදුරැස්‌senkadagalapura dhaladhaa budhuraes

Senkadagala Pura Dalada Budu Res

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
අරිසෙන් අහුබුදුarisen ahubudhu

ගී පද

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ ...//

සාධු දළදා සමිඳු පුදන්නට
මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට
දළදා සමිඳුට බාර වෙමු

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

පෝය දාට දළදා සුදු බුදු රැස්‌
රට වට හත් වටයක්‌ යන්නේ
එනිසයි ලක්‌දිව වෙරළේ වැලි කැට
මුතු කැට වාගේ බබළන්නේ

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

ලක්දිව රක්නා සම්දිටු දවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ