සෙනෙහෙ සිතින්senehe sithin

Senehe Sithin

ගී පද

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් සිතුවිල්ලෙන්
වෙමිනි එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු  අපි හසරැල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවණ සදන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මැද යුද වැද උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ

බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සළසා කෙනෙක් දිනන්නේ
ජීවත් වෙන ටික ඇයි මේ සටන් වඳින්නේ