ගී පද
සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
(සෙනෙහේ අම්මාගේ...//)
රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...
සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...
සතුටින් ඉතිරී...