සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේsenehasee nawaathaenee magee lowee

Senehase Nawathane Mage Lowe

ගී පද

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ
මල් පිපි ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ

මා ඔබේ කියා කියූ දිනේ
වැහුනාය හදවතින් සෙනේ //
ඒ පැතු ලෙසේ මා සදා ඔබේ
ආදරේ අපේ බිඳී නොයේ

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ

සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා //
වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා
ආදරේ අපේ සැබෑ වුනා

සෙනෙහසේ නවාතැනේ ....