ගී පද
සෙනෙහසේ ගංඟාව ආදරේ සඳ එලිය
සදාතන මෙත් ගඟුල නුඹයි මගේ අම්මා
සඳවන් නුඹයි මගේ අම්මා
කඳුළ ළග සිනාසුන හැම දුකට පිහිටවුන
මා සිතට දිව ඔසුව නුඹයි මගේ අම්මා
සඳවන් නුඹයි මගේ අම්මා
සෙනෙහසේ ගංඟාව ....
දයාවෙන් සිනාසී සෙනෙහසින් ඔවාදී
ජීවිතය කියාදුන් නුඹයි මගේ අම්මා
සඳවන් නුඹයි මගේ අම්මා
සෙනෙහසේ ගංඟාව ....