සෙනෙහසේ අඩවියයිsenehasee adawiyayi

Senehase Adawiyai

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga

ගී පද

මේ සෙනෙහසේ අඩවියයි - කඩුපුල් පිපෙන යාමයයි
පෙම් සිත් තුරුළුවෙලා උණුසුම සොයන රාත්‍රියයි
සිනා කිංකිණි මනරම් - සීත කඳුලැලි තහනම්

දොඩමළු නෙතඟ නවතිමි - උරතල යහන් පනවමි
දොඩමළු නෙතඟ නවතිමි 
උරතල යහන් පනවමි
ඉරිතැලි සිත් පියුම් මතින් - අම පිනි දියර තවරමි

මේ සෙනෙහසේ අඩවියයි…

සවනට ගීතයක් වෙමි - සුන්දර රහස් මුමුණමි
සවනට ගීතයක් වෙමි
සුන්දර රහස් මුමුණමි
මල්මද බිසව් නුඹ මගේ - සුදු සඳ රැසින් නහවමි

මේ සෙනෙහසේ අඩවියයි…