සෙනෙහසකට අරුතක් පුරවන්නටsenehasakata aruthak purawannata

Senehasakata Aruthak Purawannata

ගී පද

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙනැතක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණු
කඳුලෙන් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා

සෙනෙහසකට අරුතක්......

පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා

සෙනෙහසකට අරුතක්......