සෙනෙහස රන් සිංහාසනsenehasa ran sinhaasana

Senehasa Ran Sinhasana

ගී පද

සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුළෙ නිදනවා

සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා

කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

මදු ගංගා දෙතොල් අතර හැපී බිදෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ

පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින දැකලාදෝ පුතු හිනැහෙන්නේ