සෙනෙහස දුක විතරක්senehasa dhuka witharak

Senehasa duka witharak

ඇල්බමය
Ma Adara Amma
සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee
පද රචනය:
කවිකීර්ති හිමිkawikiirthi himi

ගී පද

සෙනෙහස දුක විතරක් ගෙන හදවත ඉකිබිදිනා පැයේ..
ඔබ ගැන කවි ගී ලියාපු සිතට දුකයි තාම මගේ..
හෙමින් හෙමින් ලඟට ඇවිත් සිල් පද බිද දැමුව සිතේ..
රත්තරනේ ඔබෙ සෙනෙහස මට ඇතුගල් පවුව වගේ..


සංසාරෙම අදඳුර පමනි තනිකම නිදිවරන රැයේ..
සිත සිතිවිලි වැහි බේරෙන මන්දාරම් අහස වගේ..
නුවන් කවුළු දෙපියන් දොර පියවී යන තුරා මගේ..
මා රිදවූ මා හැඬවූ ඔබටම ආදරෙයි නගේ...


ඇස් ගාවට කදුළු ඇවිත් හදවත පිරිමදින වෙලේ..
ඔබෙ උනුසුම දුර ඈතට මං ගාවින් කොහෙද ගියේ..
පිනෙන් ලැබුනු ගත පන නල පිරිහී යන තුරා මගේ..
මා රිදවූ මා හැඬවූ ඔබටම ආදරෙයි නගේ..