ගී පද
රෑ හීන ගානේ නුඹ පෙනේවී
හුස්මක් පවා දුර යයි සිතේවී
මා ආදරේ ඔබගෙන් දකීවී
සංසාරයේ හමුවී තියේවී
සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සඳකැන් ගලා ඒ් හදේ ගිනි නිවා
මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
දැනෙන්නේ මේ ආදරය දෝ
විහඟුනේ ගයන ගීතිකා උණුහුමේ විඳින චාරිකා
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ
සෙනෙහස් අවාරේ...
හදවතේ මියුරු කාරණා නුඹ ගෙනා මතක පාරනා
කොදුරන් හදට ආරාධනා
නුඹ මගේ හිතම සාදනා ආදරේ අකුරු තෝරනා
ඔබමයි හීන හැබැහින් ගෙනා
සෙනෙහස් අවාරේ...