ගී පද
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් - ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන - මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා - අපි ආදරෙන් ඉන්නවා
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
ආලෙන් පියාසරන - ආදර හැඟුම් මහිම
දැන් නම් අපිත් දන්නවා - අපි ආදරෙන් ඉන්නවා
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ......