සේල ඇන්දම මාල බැන්දමseela aendhama maala baendhama

Sela Andama Mala Bandama

ගී පද

සේල ඇන්දම මාල බැන්දම//
කෝල රැඟුම සෝබනා... සෝබනා...
අද බද සිත මන මගේ සුන්දරියේ 
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ 
සොඳ සඳපානකි නුඹ 
මා යන් යන් යන් යන් යන් යන්
සේල ඇන්දම මාල බැන්දම//
කෝල රැඟුම සෝබනා...

මුතු බෙල්ලොද සළු විල්ලුද 
සුදු සේල ඇන්දම ලස්සනයි 
තෝඩු එල්ලෙන වළලු ලෙලෙන 
ගිගිරි හඬට හිත බයයි 
පා පැටලෙන ඔමරි කරන//
ලැසි ගමනට නුඹ හැඩයි 

ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ 
රත්තරනේ... මං මෙච්චර ආදරේ 
උඹට මෙච්චර ආදරේ

සේල ඇන්දම මාල බැන්දම//
කෝල රැඟුම සෝබනා...

සඳ දැල්වෙන තරු එල්ලෙන 
අහස යන්තම මා ළඟයි 
කවඩි බදින මුදු පළඳන
ඇඟිලි තුඩට රස මවයි 
ඉඟ සොලවන නෙරිය බඳින//
නිතඹට තව තව හැඩයි 

ඒකනේ රන්... 
සේල ඇන්දම...