ගී පද
සේල අදින්නයි මාල බඳින්නයි
තෝඩු පලන්දනදා
උකුල නටන්නට නෙරිය පිසින්නම්
ඇසක් පුංචි කරලා //
ලැම විල්තල සයුරේ
ඉගිලෙයි රන තිසරු //
සිහිනේ විඳිනා සුසුමේ රැඳනා
දෙතොලේ ඇඳනා හසරැල් රිදුනා
දෙකපුල් මත තැවරූ
මතකය ඇත සොඳුරූ //
විහඟුන් කියනා කවි වැල් ඇසුනා
දෙතොලේ විඳිනා සුවඳක් දැනුනා
සේල අදින්නයි ....