සැකයක් ඇත්නම්saekayak aethnam

Sekayak Ethnam

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

සැකයක් ඇත්නම් අසා දැනගන්න
හාර පාරා ඉන්නෙපා
අබ ඇටේ මහ ගහක් වෙනවලු
කෙලෙස් කඳු කඳු එකතුවී

තරහක් ඇත්නම් මටම පවසන්න
මිතුරු සතුරට දෙන්නෙපා
බලා ඉන්නේ හිනා වෙන්නලු
හිතින් රඟ රඟ සැණකෙළී 

තනියක් ඇත්නම් හැරී යළි එන්න
තවත් ඈතට යන්නෙපා
ගලන ගඟකට දොළක් යා වේලු
ඉවුරු සිඳ බිඳ සමඟිවී