සීතලේ නිසංසලේsiithalee nisansalee

Seethale Nisansale

ගී පද

(සීතලේ නිසංසලේ
පාවීයන් පවන් රැලේ තුන් යාමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා...//)

සැරසේ ඈ සදා සමුගන්නට මා හදින්
නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින්
සමුගන්නයි මා කඳුලින් කීවේ
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා...

සීතලේ නිසංසලේ.../

සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින්
ගීයක් සීරුවෙන් මුමුණන්නද ගී පොතෙන්
මහදේ පැතුමන් කඳුලින් නැහැවී 
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා...

සීතලේ නිසංසලේ.../