ගී පද
සීතල වතුර ගලයි -සිතුවිලි තරඟ නටයි
ඈත බලා යන මේ දිය දහරා - ජීවන ගමනේ රහස කියයි
බාධක ගල් පර තිබුණත් මතු වී - ජයබිම සොයමින් පෙරට ඇදෙයි
ලස්සන දියවැල් කලකදි සිඳිලා - සුදු වැලි ගොඩවී වියළෙනවා
මල් පෙති ගිලිහී ගහ කොළ මැළවී - බිම ඉරි තලලා පුපුරනවා