සීතල සිහිනsiithala sihina

Seethala Sihina

සංගීතය:
කේෂාන් මාලිංගkeeshaan maalinga
පද රචනය:
කේෂාන් මාලිංගkeeshaan maalinga

ගී පද

සීතල සිහිනෙක පෙම් සිත නතර උනා 
ආදර උණුසුම තනියට ලඟ නැතුවා 
මීවිත තරමට රස නැති බව හැඟුනා 
මා සිත තනිවම ඉකිබිඳිමින් හැඬුවා 

(සියුමැලි නුඹේ හද කඳුලැලි පිස දමලා 
ඉන්නෙමි සතොසින නුඹ තුරුලටම වෙලා)..//
(සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා 
ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..// 

ආදර සිතුවිලි හද තුල මෝදු වෙලා 
පවසනු කෙලෙසින මා මුව සරහසුරා 
දෙව්ලිය විලසින අහස් කුසට නැගිලා 
සැඟවී ඉමි මම ලතැවුන සිත සඟවා 

(සඳවත එනු මැන මේ මුළු සසර පුරා 
රැය වී ඉමි මම නුඹ එළියෙන් දිලෙනා)..// 
(සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා 
ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..////