සීතල සඳ එළියේsiithala sanda eliyee

Seethala Sanda Eliye

ගී පද

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ 
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් 
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා 
සුන්දර සිහින මවා මා ඉන්නම් // 

ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී
ගොතලා කීවා ගී මිහිරි 
පරදයි වාගේ කෝකිළ නාදේ 
දෙසවන මාගේ රස මැවුනේ 

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ 
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් 
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා 
සුන්දර සිහින මවා මා ඉන්නම්

ඔබ හා එක් වී සැන්දෑවේ 
ඔරු පැද යන්නම් ගංඟාවේ 
ඔය හැඩ මූණේ පෙම් මදහාසේ 
කිසි දින නෑනේ අඩු වූයේ 

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ 
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් 
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා 
සුන්දර සිහින මවා මා ඉන්නම් //