සීතල හාදුවකින් (නා කපන අනෝරා වැස්සක)siithala haadhuwakin (naa kapana anooraa waessaka)

Seethala Haduwakin (Na Kapana Anora Wassaka)

සංගීතය:
මිලින්ද සදරුවන්milindha sadharuwan
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ 
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කදුලු වලින් පොඟවා නොපැතූ 
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ...

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා 
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා...

අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද...

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...

පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද...//

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...