සීත වන විල් පෙතේsiitha wana wil pethee

Seetha Wanawil Pethe

සංගීතය:
මොහමඩ් සාලිmohamad saali
පද රචනය:
හේමසිරි ද අල්විස්heemasiri dha alwis

ගී පද

(සීත වන විල් පෙතේ
පිපෙන පියුමක් මතේ
කලා රැජිණි වයයි ස්වරණ වීණා 
ගීතවත් වී රඟයි හංස සේනා
ගීතවත් වී රඟයි හංස සේනා)..//

(බම උරතලයේ වෙසෙන කුමරියේ
කලා රැජිණියේ සිරි සරසවියේ)..//
සරා සදරැස් උදාවෙන වෙලාවේ
අසා හිඳිමි ඔබේ ගීත රාවේ
අසා හිඳිමි ඔබේ ගීත රාවේ

සීත වන විල් පෙතේ....

(හද සංතානේ කියන උදානේ
කළා විමානේ ඔබය නිධානේ)..//
මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ
සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ

සීත වන විල් පෙතේ....

ගීතවත් වී රඟයි හංස සේනා.....
ගීතවත් වී රඟයි හංස සේනා.....