සීත සුලං අවට හමන්නේsiitha sulan awata hamannee

Seetha Sulan Awata

ගී පද

සීත සුලං අවට හමන්නේ 
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ 
නුවරඑළියේ යන්න - විවේකයක් ගන්න 
ඇගේ පතේ සුවය දැනෙන්න

බලන්න ආසයි තක්කාලි ඉදීලා 
කොළ පාටට ගෝවා වැටිලා 
කඳු මුදුනේ බීට්රූට් වැවිලා 
සිරි සාරයි සරුසාරයි කන්ද උඩරට 

සෑම කන්දක් සරුසාර ව පෙනෙන්නේ
තේ දළු සුළඟට ලෙළ දෙන්නේ 
කොමළ ළඳුන් ඒ තේ දළු නෙලන්නේ 
සිරි සරයි සරුසාරයි කන්ද උඩරට

සීතල සුළඟින් සුළඟ ගත සිත නිවෙන්නේ 
ගලනා දිය එළි සැම අත පෙනෙන්නේ 
රසබර පලතුරු මිහිරයි ගෙනෙන්නේ 
සිරි සරයි සරුසාරයි කන්ද උඩරට