සීත රැයේ පායාsiitha raeyee paayaa

Seetha Raye Paya

ගී පද

සීත රැයේ පායා ආ රිදී සදේ
ආලෝකේ මැවේ මැවේ මගේ හදේ
නවතිමු අපි ආදරයේ නවාතැනේ
අත්විඳ ගමු ජීවිතයේ අමා සුවේ
මා පතලා මා සොයලා පෙර යුග යුග ගානේ
ආවාදෝ ඔබ මේ සංසාරේ

මාගේ මේ දෑත අරන් මට ළංවීලා
රෑ සිසිලේ මල් යහනේ මා සතපාලා
ආශාවේ මා සමඟින් රහසක් කීවා
ආයේ නම් මා වෙන්වීලා යන්නෙ නෑ

සීත රැයේ....

මා තනිවී සිටි දවසේ මා සනසාලා
ආවාදෝ ඈත ඉදන් සුවඳක් වීලා
ඔය දෑසින් කීන හැගුම් සතුටක් වේවා
ආයේ නම් වෙන්වීලා මා යන්නේ නෑ

සීත රැයේ ....