සීත මැදියම්siitha maedhiyam

Seetha Mediyam

සංගීතය:
අනුරාධා අබේසිංහanuraadhhaa abeesinha
පද රචනය:
සුරංක ඉරෝෂන්suranka irooshan

ගී පද

සීත මැදියම් රාත්‍රී කාලය
අතීතය යළි සිහි කරයි 
බොඳව ගිය නුඹේ රුවම මවමින්
සොඳුරු මතකය අවදි කරමින්
සිහිනයෙන් හද සනසවයි

වසර ගණනක් නුඹව පැතුවා වසර ගණනක් පෙමින් බැඳුණා
ජීවිතේ දිගු කාලයක් එකට එක්වී ළඟින් උන්නා
නුඹයි මාගේ ප්‍රේමයේ ප්‍රේම කුමරිය නුඹ තමයි

වසර ගණනක් ගෙවා දැමුවා වසර ගණනක් තනිව සිටියා
ජීවිතේ මහා පාළුවක් තනිව හිඳිමින් සිතින් වින්දා 
හෙටත් මාගේ සිහිනයේ සිහින කුමරිය නුඹ තමයි

සීත මැදියම්...