සීත අරණේsiitha aranee

Seetha Arane

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

චිත්‍රපටය : ආරාධනා (1981)

සීත අරණේ සුපුල් නා මල 
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ

(ලතාවක් සේ වෙලී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්...//)
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්..

(වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...//)
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කළ ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි..

සීත අරණේ සුපුල් නා මල....