සීමාව පැන්නුවත්siimaawa paennuwath

Seemawa Pannuwath

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
ජීනු ධර්මකීර්තිjiinu dhharmakiirthi

ගී පද

සීමාව පැන්නුවත් මගේ ආදරේ 
භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ
සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ 
පාගන්නෙපා ඒ නිසා හද මගේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ 
අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ
මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....

ලස්සන අතීතේ කෝ වර්තමානේ 
ගිනිපත් අනාගතේ අපි දෙන්නාගේ
ජීවිතය විපතේ ආදරය අපතේ
ආයේ මතු උපතේ අපි වෙමු අපේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ 
අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ
මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....

මැකුවාට මතකේ සිහිවේවි කළ දේ
ප්‍රේමේ ආදාහනේ සැරදෙව් මගේ ලේ
ගන්න දුරකථනේ අවසන් වරයි මේ
තාම මා ආදරෙයි ඇසුණාද සොඳුරේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ....

සීමාව පැන්නුවත් මගේ ආදරේ 
භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ
සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ 
පාගන්නෙපා ඒ නිසා හද මගේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ 
අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ
මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....