සීගිරි රූ ළඳුන්siigiri ruu landun

Seegiri Ru Landun

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

(සීගිරි රූ ළඳුන් හෙලූ බැලුම් පරාදයි 
ආදර ගීතයන් ඔබේ නෙතින් ගලා යයි 
ඔබ අතරින් කෙනෙක් රැජිනක් වෙලා සිනාසෙයි 
එය ඔබද එය ඔබද ඒ ඔබද ඔබද ඔබද ඔබද ජයගන්නේ...//)

ඉතිහාසයේ රූ රැජිනියන් වෙනුවෙන් 
රජකම් පවා හැරදා ගිය උන් ඇතේ 
රෝමය දිනූ ජුලියස් සීසර් පවා නැමුනේ 
රූපය නිසා බැව් ලෝකය දනී 
ඒවන් නිසා ලඳුනේ රූපය ඔබේ සෝබා 
දායාදයක් වෙයි උපතින් ලැබූ      

සීගිරි රූ ළඳුන් හෙලූ බැලුම්......

අහසේ දිලී තරුවැල් සයුරේ එතී දියරැල් 
කුසුමන් පිපී මල් වැල් ලංකාර වේ 
ඔබ සැමදෙනා අතරින් රූ රැජිනියක් 
තෝරා ගන්නට මගේ නෙත් පෝසත් නැතේ 
එනිසා මගේ පැතුමන් ඔබ සැමදෙනා හට දැන් 
පුදමින් ඔබෙන් මා සමුගනිමි  
 
සීගිරි රූ ළඳුන් හෙලූ බැලුම්......//