සීගිරි ළඳුනේsiigiri landunee

Seegiri Landune

පද රචනය:
හේමසිරි හල්පිටheemasiri halpita

ගී පද

සීගිරි ළඳුනේ ඇයි තනි වී 
නිහඬව ඉන්නේ ඇයි ගොලුවී 
කැටපත් පවුරේ ගී පද ලීවේ 
ඔබ දෝ ප්‍රේම පුරාණේ...

මීවිත දෙතොල් රැදවූ සොඳුරු වෙලාවේ 
වල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ 
වනමැද අරණේ ආදර සෙවනේ 
කින් කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ...

සීගිරි ළඳුනේ.../

සීතල සුළගේ මුසුවී සුසුම් පාවෙලා 
ඒ රජ දහනේ ජීවන ගීතයක් වුනා 
මේ ගිරි මුදුනේ ඔබෙ රුව ළඳුනේ 
සිත්තර තෙලිතුඩකින් සිතුවමක් වුනා...

සීගිරි ළඳුනේ.../