ගී පද
එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත්
ඇසගින් හොරෙන් බලමින් වෙනසක් අරන්
දෝත දරන් එන්න හීන අරන්
දඟකාර සමනලියන් හොය හොයන්
සේද කතන්දරේ සුරංගනාවී
ලෝකෙම සුන්දර වරංගනාවී
හදවත් මත් කරනා රහස කියාවී
ලස්සන වස්සන පියාපත් සලාවී //
පැහැපත් ඔබටයි මල්වර කමටයි දෙව් ලොවෙන් ගෙනා
සඳදියෙන් තෙමෙනා පෙම් පාට දුලනා සිලිලාර ගලනා
සේද කතන්දරේ .... සේද කතන්දරේ ....
හිතවත් කමටයි සුන්දර බවටයි මල් මතින් ගෙනා
තරු මැදින් මැවෙනා රූ රන්වන් අගනා වස්සාන ලලනා
සේද කතන්දරේ .... සේද කතන්දරේ ....
සේද කතන්දරේ සුරංගනාවී ....
එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත්
ආයෙත් පියඹාවී රහසක් අරන්