සෙබළාණනේ ඔබ මැරුණා නොවේsebalaananee oba maerunaa nowee

Sebalanane Oba Maruna Nowe

සංගීතය:
රාජ් වික්‍රමසිංහraaj wikramasinha
පද රචනය:
රාජ් වික්‍රමසිංහraaj wikramasinha

ගී පද

සෙබළාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක්‌ වෙලා ඔබ පිපුණා ළයේ
කදුළක්‌ වෙලා ඔබ රැදිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ...

මතකයි එදා ඈත රණ බිම් පුරා
සටනේ වැදීලා දෙන්නා ඒදා
නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා...

සොයුරාණනේ ඔබ මැරුණානොවේ
කුසුමක්‌ වෙලා ඔබ පිපුණාහදේ
කදුළක්‌ වෙලා ඔබ රැදිලා නෙතේ
හඩවන්න මා මේ රෑ යාමයේ...

විරුවෙක්‌ විලාසෙන්ම වෙන්වු දැයේ
රතුමල් පිපේවි නාමෙන් ඔබේ
විදිනා මෙවන්නේක දුක්‌ වේදනා
උපහාරවේ මේ ගී ගායනා...

සෙබළාණනේ ඔබ...