සයුරු වෙරළේදී පෑ සිහින ඒ ආසිරිsayuru weraleedhii pae sihina ee aasiri

Sayuru Weraledi Pe Sihina

ගී පද

සයුරු වෙරළේදී පෑ සිහින ඒ ආසිරි
දෑස දල්වා බලා ඉන්නවා හැඟුම් මවා
ආයේ දිනක් උදා වී ඒ ලෙසින්
වේවා මගේ පැතුම් යලි මවා

නිල්වන් නුවන් පියවී පාලු යාමයේ
නොනිදා හිඳින්නේ සිතුවිල්ලෙන්
දෙතොලින් කුමක්දෝ මුමුණා ගියේ
ගොලුවී ගියා සේ දැනෙයි ආදරේ

ලංවී හිදින්නම් ඔබේ ලෝකයේ 
මාගෙ සෙනේ බන්දා ලොව හමුවේ
දෙතොලින් කුමක්දෝ මුමුණා ගියේ
ගොලුවී ගියාසේ දැනෙයි ආදරේ