සයුරද නිදන වෙලාවේsayuradha nidhana welaawee

Sayurada Nidana Welawe

ගී පද

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ
දියබට පදින වලාලේ හේ.. හෙලාලේ
පාලා සවි දෑතේ ඇදේ මාළු රෑන සොයා
ඔරු කද පාලු සාවියේ...
වේවා දුක ශෝකේ ප්‍රර්ථනා සිහින මවා
සීතට හාදු දී ගියේ....

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ....

හේ.. හේ.. හේ... හේ..
දෙනෙත රැදී බොදව ගියේ අබු දරුගේ සේයා
තරු එළියේ මැවුණු දියේ සිහින රුවේ මායා
සාගරේ විමානයේ පාළුවේ පාවුණේ
තැවී සුවේ නෑ නෑ...
පමා වෙලා බෑ බෑ...

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ...
දියබට පදින වලාලේ හේ හෙලාලේ...

හේ... හේ... හේ... හේ..
දිරිය ගතේ නිබද ඇතේ රළු දිවියට යාළු
හිරු තැවුලෙ පිනි සිසිලේ වෙනස සිතේ නෑලු
සෝ දුකේ සිනා සුනේ නෑ තැවී ජීවයේ...
රීදී ලයේ ජීවේ පැලේ එලිය පෑදේ...

සයුරද නිදන වෙලාවේ....

සයුරද නිදන වෙලාවේ.. රෑ .....මුවාවේ
දියබට පදින වලාලේ..හේ හෙලාලේ...