සයිමන් අයියයිsayiman ayiyayi

Sayman Aiyai

ගී පද

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
(හරි ලස්සන කෙල්ලෙක් උන්නා..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා)...//

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි අර තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක් සිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතිවයි
මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.../

තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වාගේ සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
මේදැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.../