සෞම්‍යවන්තියේsaumyawanthiyee

Saumyawanthiye

ගී පද

සෞම්‍යවන්තියේ  සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා

(ප්‍රේමයද ගංගාවකි - සෞම්‍ය සඳ එලියේ වෙලී)..//
සඳ බැස ගියත් ගඟ නොනවතී - සාගරේ හා වෙළී යතී

සෞම්‍යවන්තියේ  සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා

(ප්‍රේමයද  සඳ එළියකී - රමය ජීවිතයේ වෙලී)..//
ළඟ නැති වුනත් සිත ළඟ ඇතී - ආදරේ භාවනාවකී