සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිටsathutinma aethinam oyaa mihipita

Sathutinma Athinam Oy

ගී පද

සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
වෙන මොනවවත් ඕනෙ නෑමයි මට...
නොලැබීම මට උරුම වී ඇති විට...
තව කදුලු වට්ටන්න බෑ පොලොවට...

යලි මා සොයා එන්න බැරි වී ගියොත් 
මන් ඇත්තේ මේ පොලොවෙ වැලලී ගිහින්....
සුදු මල් අරන් එන්න බැරි වී ගියොත්
පහනක් තියා යන්න සොහොනට ඇවිත්..

රැකගන්න ආදරය බැරි වී ගියා...
මට දුන්නු තැන කාටදෝ හිමි උනා...
අද කවුරුවත් නෑ මගේමයි කියා...
ඇස් දෙක වගේ හිටිය ඔබ හැරගියා...

පෙම්වන්තියක් වූවා ඔබ ලග එදා...
පවුකාරියක් වීලා ඔබ නැති නිසා...
තව යන්න බෑ දුරට මේ දුක දරා...
ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා...

සතුටින්ම ඇතිනම්....