ගී පද
නිදන්නට පපුවට හිස තියලා සනසන්න ආදරේ කියා
හැරයන්න සිතුවත් හද රිදවා වෙන් වෙන්නේ මාගේ නෙතු හඬවා
මා හදම පෑරුණා ඔබ වෙන්ව ගියදා මා හැර දා
නුඹේ සිනහා සිහි වෙලා ආදරියේ සත්තයි මා හැඬුවා.....
ඔබ ළඟ නැතිදා නිතරම හද සෙව්වා ඔයා
නිදන්න තුරුලේ ඔබ අද නැති හන්දා
සදා ඔබ දෝතින්ම ගෙන පෑ ආදරේ
සිහිනයක් වීලා නුඹ දුරස් හන්දා....
මගේ ළඟ හිඳමින් පපුවට තුරුළු වෙලා ඔයා
සත්තයි මගේමයි දිව්රා ඔබ කීවා එදා
නෙතු හඬවන්නේ ඔබ දුන්නු ආදරෙන්
සිතේ දුක රන්දා ඔබ ගියත් හැරදා.....
නිදන්නට පපුවට.....//