හදවත ලගින් ඔබ ඉන්න මොහොතේ - hadawatha laginhadhawatha lagin oba inna mohothee - hadawatha lagin

Saththai Amma

ගී පද

හදවත ලගින් ඔබ ඉන්න මොහොතේ 
දුක් වේදනා මට දැනිල නෑ නේ
අද මේ ලෙසින් ඔබ ඉන්න මොහොතේ 
මට දැනුනෙනම් මව් සෙනෙහසයිනේ

ජීවිතේ නුබෙ නමින් ලන් උනා

හැමදා ජීවිතේ සතුටයි 
නුබ මට ගෙන දුන්නේ
නුබ ගිය මාවතෙ විතරයි 
මම අද පිය මැන්නේ

මව් ගුන හදවත පත්ලෙම 
මාලිය වූයේ 
සදහටම සැනසුම් ගෙනා

සත්තයි අම්මා වාගේ  
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින සසරක් ගානේ 
අම්මා විතරයි   ඕනේ 

සෙනෙහස දැනේ 
මට ඔබගෙ ලෝකේ 
ඔබෙ වේදනා මට දීලා නෑනේ
නැති බැරි උනත් 
තියෙනා මව් සෙනෙහේ
වෙනසක් නොවේ 
සන්සාරෙ ඔබගේ

ජිවිතේ නුබෙ නමින් සැනසුනා

සත්තයි අම්මා වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින සසරක් ගානේ 
අම්මා විතරයි ඕනේ